Friday, April 19, 2024

General line - 0115112241

දිමුත්, ලොව හොදම ටෙස්ට් පිතිකරුවන් අට දෙනා අතරට

කසුන් කැලුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී පිත්තෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන්.

මෙම තරගය ආරම්භයට පෙර දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරු සටහනේ පසුවුණේ 12 වන ස්ථානයේයි. ඔහු දක්ෂතම ටෙස්ට් පිතිකරුවන් දස දෙනා අතරට පැමිණි පළමු අවස්ථාව ද මෙය වනවා. 

මේ අතර නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී පන්දුවෙන් දස්කම් දැක් වු අකිල ධනංජය ද ටෙස්ට්  පන්දු යැවීම් ශ්‍රේණීගත කිරීම් සටහනේ ස්ථාන 9කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු මේ වන විට එම සටහනේ පසුවන්නේ 36 වන ස්ථානයේයි. 

මේ අතර අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද යළි චෝදනා එල්ල කළා. ඒ අනුව ඔහු දින 14ක් ඇතුළත සිය පන්දුයැවීමේ ඉරියව් පිළිබද පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වනවා.