Thursday, April 25, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාවේ කාලය දික්වෙයි

සමන්ත කුමාර/ඩිල්ෂාන් මඩවල




පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය ලබන සැප්තැම්බර් 30වනදා දක්වා අද දීර්ඝ කෙරුණා. ඒ, පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතවයි.

අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළා. ඊට ප්‍රතිචාර දැක්වූයේ කථානායක කරූ ජයසූරිය මහතායි. 
 

මේ අතර පාර්ලිමේන්තුවේදී අද අදහස් දැක්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තීරණවලට බලපෑම් කරමින් අමෙරිකාව යළිත් හිතුවක්කාරිව හැසිරෙමින් සිටින බවයි.

නව හමුදාපති ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය පෙරේදා නිකුත් කළ නිවේදනය මීට පාදක වුණා.