Saturday, April 20, 2024

General line - 0115112241

මන්ත්‍රී ලක්ෂ්මන් යාපාගෙන් කථානායකට අභියෝගයක්

ඩිල්ෂාන් මඩවල




පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කථානායක කරූ ජයසූරිය මහතාට අද අභියෝගයක් කළා. 
 

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කෙරුණු ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ පවතින චෝදනාවලට ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වූවා. 
මේ අතර ඒකාබද්ධ විපක්ෂය ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ පළාත් සභා මැතිවරණය ඉදිරියට ගෙනවිත් ජනාධිපතිවරණය ව්‍යාකූල කිරීමට ඇතැම් කණ්ඩායම් තවදුරටත් උත්සහ කරමින් සිටින බවයි. එම උත්සහය ප්‍රතික්ෂේප කරන බවද මන්ත්‍රීවරයා පැවසුවා. 
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක තවත් සාකච්ඡාවක් නුදුරු දිනකදීම පැවැත්වෙනු ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙහිදී කියා සිටියා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැන් ඉතා ඉහළ ඕනෑකමක් ද ඇති වී තිබෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.