Wednesday, April 24, 2024

General line - 0115112241

දිමුත්ගෙන් යළි සාර්ථක ආරම්භයක්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය කොළඹ පී සරා  ඕවල් කී‍්‍රඩාංගණයේ අද ආරම්භ වුණා.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පැය කිහිපයක් ප‍්‍රමාද වී ආරම්භ වූ අතර දිනය නිමා වනවිට ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුලූ 02 ක් දැවී ලකුණු 85 ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු  49 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 32 ක් රැස් කළා.

ලහිරු තිරිමාන්න ලකුණු 02 කට දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.