Friday, March 29, 2024

General line - 0115112241

ධුරවලින් ඉවත් වූ මුස්ලිම් කොංග‍්‍රසයේ තවත් මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු අමාත්‍ය ධූර භාරගැනීමට යයි

කසුන් කැලුම්/ හර්ෂිකා සංජීවනි




අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු යළිත් අමාත්‍ය ධුර ලබාගැනීමට තීරණය කර තිබෙනවා. 

මෙලෙස යළි ධුර භාර ගැනීමට තීරණය කර ඇත්තේ ෆයිසාල් කාසිම් සහ අලි සහීර් මවුලානා යන මන්ත‍්‍රීවරුන් දෙදෙනායි. ෆයිසාල් කාසිම් මීට පෙර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. අලි සහීර් මවුලානා මීට පෙර කටයුතු කළේ ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවි බල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. 

ජනතාවගෙන් කෙරුණු ඉල්ලීම් මත යළි අමාත්‍ය ධුර භාරගන්නා බව නෙත් නිවුස් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆයිසාල් කාසිම් කියා සිටියා.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ආණ්ඩුවට සහය දැක්වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් දැරූ තනතුරුවලින් ඉවත් වුණා. පසුව ඔවුන්ගෙන් තිදෙනෙකු හැර රිෂාඞ් බදියුදීන්, රාවුෆ් හකීම් ඇතුළු සෙසු සියලූ දෙනා යළි එම ධුරයන් භාරගත්තා.