Thursday, March 28, 2024

General line - 0115112241

2019 ඡන්ද හිමි නාම ලේඛනය අද සිට ප්‍රදර්ශනය කෙරේ

මහේෂ් චතුරංග




2019 ඡන්ද හිමි නාම ලේඛනය අද සිට ප‍්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා. අදාළ ලේඛන සියලූම ග‍්‍රාම නිලධාරී කාර්යාලවල සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල ප‍්‍රදර්ශනය කරන බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක පැවසුවේ.

විදෙස්ගතව සිටින අයෙකුගේ නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීමට නොහැකිවූයේ නම් ඔහුගේ ළඟම පාර්ශවයකට ඒ සඳහා ඉල්ලීමක් කළ හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.