Friday, April 26, 2024

General line - 0115112241

රාජිතගේ වැඩකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය

මහේෂ් චතුරංග




වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය නීතිගත කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිදු කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා. 

අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානම්ව තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක නිරත වන්නේ එහි වාසිය තමන්ට ලබා ගැනීමට බවයි. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පැවසුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා දීර්ඝ කාලයක සිට මෙවැනි ප‍්‍රකාශ සිදු කරන බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා ඊයේ සිදු කළ වැඩවර්ජනයෙන් පසු ප‍්‍රමිතියෙන් තොර ඖෂධ, ඖෂධ හිගය වැනි කරුණු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවද ප‍්‍රකාශ කෙරුණා.