Thursday, April 25, 2024

General line - 0115112241

පළාත් සභා ඡන්දයේ තීරණාත්මක තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල රැස්වෙයි.




සීමා නීර්ණය කිරීමට පෙර පැවති ක‍්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතීද නැද්ද යන්න පිළිබද ජනාධිපතිවරයා කළ විමසීම සම්බන්ධයෙන් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ වනවිට සිදු වනවා. 

පෙරවරු 10ට පමණ එම කටයුතු ආරම්භ කෙරුණේ  අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, ප‍්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි. 

එහිදී අතරමැදි පාර්ශවයක් ලෙසට පෙනී සිටින පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සිය වාචික  දේශන ආරම්භ කරනු ලැබුවා. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යොමු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පාර්ශවයන් 13ක් පමණ මැදිහත්කාර පෙත්සම් ගොනු කර තිබෙනවා.