Thursday, April 25, 2024

General line - 0115112241

යාපනේ මුහුදේ සඟවා තිබු අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

දිනුක් හේවාවිතාරණ




යාපනය, වෙත්තලයිකර්නි මුහුදු තිරයේ දිය යට සඟවා තිබු සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. මෙම පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයට ලැබී ඇති තොරතුරු අනුව නාවික හමුදා කිමිදුම් ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත්තේ.

නාවික හමුදාව සඳහන් කලේ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය මුහුදු වැලි සමග මිශ්‍රවී තිබු බවයි. එම පුපුරණ ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 15ක පමණ බරකින් යුක්තවූ බවයි නාවික හමුදාව සඳහන් කලේ.

සොයා ගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සලය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියා.