Friday, March 29, 2024

General line - 0115112241

සෞඛ්‍ය ඇමති ජාතික රෝහලේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක




සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (23) කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. රෝගී සත්කාරක සේවාවන්, ඖෂධ සැපයීම, භෞතික සම්පත් අවශ්‍යතාවන් සහ පරිපාලන ගැටළු පිළිබද එහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

වෛද්‍යවරුන්, රෝහල් පරිපාලක පාර්ශවයන් සහ රෝගීන් සමගද අමාත්‍යවරයා එහිදී අදහස් හුවමාරු කර ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.