Saturday, April 20, 2024

General line - 0115112241

හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවන බවට අනාවැකි




හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර වේගයකින් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. සුළං සමග එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබද අවධානයෙන් කටයුතු කළයුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.