Saturday, April 20, 2024

General line - 0115112241

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේට උසස්වීමක් 

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පත් කිරීම අද (23) සිදුකරනු ලැබූ බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියේ.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මේ වන විට යුද්ධ හමුදාවේ ස්වේච්ජා බල සේනාවේ සේනාවිධායක ලෙස කටයුතු කරමින් සිටින අතර ඔහු යුධ හමුදා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවට අයත් නිලධාරියෙක් වනවා.

ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුව යුධ හමුදාව විසින් පිහිටවනු ලැබූ ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ අණදෙන නිලධාරිවරයා ලෙසද ක්‍රියා කරනු ලැබුවේ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ වන අතර මානුෂිය මෙහෙයුමේදී ද ඔහු සාර්ථක නිලධාරියෙක් ලෙස ප්‍රකටව සිටියා.