Friday, April 26, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු විපක්‍ෂ නායක හමුවෙයි




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික නිදහස හා විශ්වාසයන් පිළිබද සම්බන්ධීකාරක අහමඞ් ෂහීඞ් අද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවා. ඒ, පාර්ලිමේන්තුවේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදීයි.

ආසියාවේ සෙසු රටවල් සමග සැසදීමේදී ශ්‍රී ලංකාව තුළ ආගම ඇදහීමේ නිදහස සෑම ජාතියකටම හිමිව ඇති බවයි එක්සත් ජාතීන්ගේ නියෝජිතයා විපක්‍ෂ නායකවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. ජාතීන් අතර විශ්වාසය බිදී ගියහොත් රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව විපක්‍ෂ නායකවරයා එහිදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර කෙන්යාවේ වෙළද හා වාණිජ අමාත්‍යවරයා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක්ද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී අද සිදුවුණා.