Wednesday, April 24, 2024

General line - 0115112241

බීමත් රියදුරන්ගෙන් මිලියන 250ක දඩ ආදායමක්




දින 49 ක් තුළ බීමත් රියදුරන් 10,054 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා ඉකුත් ජූලි මස 5 වනදා සිට ක්‍රියාත්මක මෙහෙයුම්වලදි එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගැණුනු බීමත් රියදුරන්ගෙන් රුපියල් මිලියන 251 ක දඩ ආදායමක් රජයට හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.