Friday, April 26, 2024

General line - 0115112241

හිටපු මහ බැංකු අධිපතිට ගෞරව සම්මානයක් 

එමි.එම්. පී. ජී. පෙරේරා - නොච්චියාගම




හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩි කබිරාල්ට රාමඤ්ඤ නිකාය විසින් දේශ කීර්ති ලංකා පුත්‍ර ගෞරව සම්මානය ප්‍රදානය කිරීම අද (23) සවස අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියසදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබුවා.   

මෙම සමමානය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පුජ්‍ය ගලහිටියාවෙි විමල ධමිම හිමියන් විසින් ප්‍රදානය කල අතර රාමඤ්ඤ මහ නිකායේ නියොජ්‍ය මහ ලේකම් මැදගමුවෙි විජය මෛත්‍රී  නාහිමියන් විසින් එම ගෞරව සමිමානය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙම අවස්ථාවට රුවන්වැලි මහ සෑ විහාරාධිපති පුජ්‍ය හේමරතන පල්ලේගම හිමියන්,⁣ බෙංගමුවෙි නාලක හිමි ඇතුළු මහ සංඝරත්නය ද හිටපු අමාත්‍ය ජි .එල්.පිරිස්, එස් .එම් .චන්ද්‍රසේන,ෂෙහාන් සේමසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් .රංජිත්, හිටපු  අගවිනිසුරු සරත් එන්.සිල්වා ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියා.