Wednesday, April 24, 2024

General line - 0115112241

මම අනිවාර්යෙන්ම එනවා : ඇමති සජිත් කියයි

දිනුක් හේවාවිතාරණ




තමා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තව තවත් ස්ථීර බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මාතර දී අද (23) ප්‍රකාශ කර සිටියා.

එම ජනාධිපතිවරණය අනාගතයේ හැරවුම් ලක්ෂය වනු ඇති බවත් මන්දිරවල නොසිට වීදී ගානේ ගොස් ජනතා ශක්තිය සමඟ එක්ව සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කරන බවද අවධාරණය කර සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කර සිටියේ මෙවර ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ඔහුව නම් කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන“සජිත් එනවා”දෙවන ජන රැළියට සහභාගී වෙමිනි.

රටේ පවතින දූෂණය පිළිබඳව අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පැවසුවේ, දූෂණය තුරන් කිරීමේ ආදර්ශය පැමිණිය යුත්තේ පොඩි තැනින් නොව රටේ ඉහළම තැනින් බවයි.

එමෙන් ම තමා රටේ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු වීරෝදාර රණවිරුවන් ලවා මහා මාර්ග පිරිසිදු කිරීමට කටයුතු නොකරන බවත් ඔවුන්ට නිසි ගෞරවය ලබා දෙමින් ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා කැපවන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ අද (23) සවස පැවති මෙම ජන රැළිය මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පැවැත්වුනා.