Thursday, April 25, 2024

General line - 0115112241

නඩත්තු කටයුතු නිසා කොළඹ මාර්ග කිහිපයක් වසා තැබේ




ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය අද (23) රාත්‍රී දහයේ සිට එළඹෙන සදුදා අළුයම 5 දක්වා සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

ග්‍රෑන්ඞ්පාස්, මාදම්පිටිය පාරේ තොටළග හංදියේ සිට මහවත්ත හංදිය දක්වා වූ කොටස සහ මෝදර පොලිස් වසමේ ඩිලාසල් වීදිය, එලිහවුස් පටුමග සිට මුතුවැල්ල මාවත දක්වා කොටසේ එලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති. කොටහේන පොලිස් වසමේ සිරිල් සී පෙරේරා මාවත හංදියේ සිට වෝල්ස් පටුමග හංදිය දක්වා වූ මාර්ගයේද රථ වාහන ධාවනයද අද රාත්‍රීයේ සිට සීමා කෙරෙනවා.

මෝදර වීදිය, රජමල්වත්ත මංසන්ධියේ සිට පන්සල හංදිය දක්වා කොටසේද රථ වාහන ධාවනය අද රාත්‍රීයේ සිට සීමා කෙරෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. අදාළ මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙයසි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.