Friday, March 29, 2024

General line - 0115112241

රනිල්ගේ සාදයේදී සිදුවූ දේ අජිත් මාන්නප්පෙරුම කියයි

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අරලියගහ මන්දිරයේදී ඊයේ රාති‍්‍රයේ ලබාදුන් භෝජන සංග‍්‍රහයට ඊයේ මාතර පැවති සජිත් එනවා රැළියට සහභාගි වූ මන්තී‍්‍රවරුන් පිරිසක්ද එක්ව තිබෙනවා. කෙසේවෙතත් එහිදී දේශපාලනමය කාරණා කිසිවක් සාකච්ඡා නොවූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

මෙම සාදයට එක් වූ රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමගෙන්ද නෙත් නිවුස් ඒ පිළිබද තොරතුරු විමසා සිටියා.

මාතර පැවති රැළියට එක් වූ හර්ෂ ද සිල්වා, ඉරාන් වික‍්‍රමරත්න, අජිත් පී පෙරේරා, නලින් බණ්ඩාර යන කැබිනට් නොවන හා රාජ්‍ය අමාත්‍යවරුන් එම සාදයට එක්ව තිබෙනවා. කෙසේවෙතත් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ අමාත්‍ය මංගල සමරවීර එම අවස්ථාවට එක් නොවූ බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම වැඩිදුරටත් සදහන් කළේ.