Sunday, September 15, 2019
Hotline - 0770586666

දෙවන තරගයේ තෙවන දිනය අදයි

කසුන් කැලුම්

617Views

 

 

 


සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේද තරගයට බාධා එල්ල වුණා. ඊයේ සහ පෙරේදා යන දින දෙකේදී කි‍්‍රයාත්මක කිරීමට හැකිව ඇත්තේ පන්දුවාර 66 ක් පමණයි. 

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 144 ක් රැස් කර ගෙන සිටියා. නොදැවි කඩුල්ලේ රැදි සිටි ධනංජය ද සිල්වා ලකුණු 32 ක් ලබා සිටි අතර දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 5 ක් රැස්කර ගෙන සිටියා. 

ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක දිමුත් කරුණාරත්නයි. ඔහු ලකුණු 65 ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ටෙ‍්‍රන්ට් බෝල්ට් සහ ටිම් සව්ති කඩුළු 2ක බැගින් දවාගෙන සිටිනවා.