Friday, March 29, 2024

General line - 0115112241

ප‍්‍රතිපත්ති පොලී අනුපාත පහත දැමූවේ ආර්ථිකය කඩා වැටීම නිසයි

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




ශී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රතිපත්ති පොලී අනුපාත පහත දැමීමට තීරණය කර ඇත්තේ මෙරට ආර්ථික කටයුතු අඩාලවීම හේතුවෙන් බව කොළඹ විශ්ව විද්‍යාලෙයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.

ඉකුත් 22 වනදා සිට ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතික සියයට 7 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතික සියයට 8 දක්වාත් අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළා. මෙම තීරණයත් සමග තැන්පතු පොලී අනුපාතික සහ ණය පොලී අනුපාතිකද පහළ යනු ඇති බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ. 

ප‍්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමීම හේතුවෙන් විදේශ ආයෝජන අධෛර්ය විය හැකි බවයි ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ පෙන්වා දුන්නේ.