ත්‍රිකුණාමලය සල්ලිකෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ආපදාවට ලක් වූ ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා. එහි සිටි ධීවරයින් තිදෙනා ද නිරුපද්‍රිතව බේරාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
මුහුද රළු වීම හේතුවෙන් මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇති අතර මුර සංචාරයේ නිරතව සිටි නාවික හමුදාවට අයත් යාත්‍රාවක් විසින් එය නිරීක්ෂණය කර තිබෙනවා. මෙලෙස අනතුරට ලක් වුණේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ධීවරයින් පිරිසක්. ඔවුන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාර දුන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.