Tuesday, April 16, 2024

General line - 0115112241

"හරි වෙලාවට හරි උත්තරේ දෙන්නම්"




එක්සත් ජාතික පක්ෂය කිහිපදෙනෙකුගේ බූදලයක් නොවන බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා. පක්ෂයේ සම්ප‍්‍රදායන් නොදන්නා පුද්ගලයින් නිසා පක්ෂය තුළ ගැටලූ පැන නැගී ඇති බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

රාගම දේවාලයේ පැවැති වාර්ෂික මංගල්‍යයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කළා.  

ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සිදු කරන ප‍්‍රකාශයන් වලට ද අමාත්‍යවරයා මෙහිදි ප‍්‍රතිචාර දැක්වුවා.

"අපේ පක්ෂය හරි වෙලාවට හරි තීන්දුව ගන්නවා. එක්සත් ජාතික පක්ෂය මේ රටේ ප්‍රබලම පක්ෂයක්. හැම කෙනාම බලන් ඉන්නේ කවුද මේ නම් කරන්නේ කියලා. හැබැයි ඉතින් ඡන්දෙකුත් නැති අවස්ථාවක මොකක්ද මේ කුලප්පුව. හැම කෙනාම නම් කළොත් පක්ෂයට අපේක්ෂකයෝ දාහක් විතර සිටියි."