Friday, March 29, 2024

General line - 0115112241

තලෙයිමන්නාරම සහ මන්නාරමේදී බීඩි කොළ කිලෝ 2,200 ක් නාවික හමුදා භාරයට




මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශවල නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,264 ක් සොයා ගෙන තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ නාඩුකුඩා, වංකාලෛ සහ ඕල්ඞ්පියර් වෙරළ තීරයන් ආශ්‍රිතව මෙම බීඩි කොළ තොගය ගොඩගසා තිබූ බවයි. ඒවා පාර්සල් 27 ක අසුරා තිබූ බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. සොයාගත් බීඩි කොල තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

මේ අතර තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේදී අනතුරට පත් යාත්‍රාවක තිබි බීඩි කොල කිලෝ ග්‍රෑම් 120 ක් සොයා ගත් බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.