Friday, April 19, 2024

General line - 0115112241

උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධම්මසිරි හිමිගේ 70 වැනි ඡන්ම දිනය වෙනුවෙන් පිංකම් රැසක් (PHOTOS)

හේමන්ත කහවලගේ




අද (26) දින සිය ජීවන ගමනේ 70 වන ජන්ම දිනය සමරන මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිකාරි ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ මහා විහාරාධිපති, මහරගම ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ මහා විහාරයේදී ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.

අද (26) උදෑසන 09.00 සිට සෙත් පිරිත් සඡ්ඡායනයක් පැවැත්වුණු අතර පසුව ආශීර්වාද ශාන්ති පිරිත් දේශනා කෙරුණා. 

දහවල් සංඝගත දක්ෂිණාවක් පැවැති අතර වැඩසහටන් මාලාව නිමාවට පත් වුණේ මහරගම ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේට තව තවත් ලෝ සසුන් වැඩ පිණිස දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින්.

අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ මෙම ආගමික වැඩසටහන් සංවිධානය කර තිබූ අතර ඊට බෞද්ධ ආගම සමග සමීපව කටයුතු කරන අමෙරිකානු ජාතිකයන් ද එක්ව සිටියා.

ගර්තස්බර්ග් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ, උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක වන්නේද පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියි.