Friday, March 29, 2024

General line - 0115112241

ගෝඨාගේ සහ අනුර කුමාරගේ විදෙස් ප්‍රතිපත්ති ගැන හෙළිකරයි




බටහිර රටවල් සමග මිත‍්‍රශීලිව කටයුතු කළද ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයන්ට රට යටත් නොකිරීම ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රතිපත්තිය බව ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

ඒ, ඊයේ (26) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින්. ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පාර්ශ්වය නියෝජනය කරමින් ඒ සඳහා සහභාගි වූයේ ආචාර්ය නාලක ගොඩහේවායි.

ජනාධිපති අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පාර්ශ්වය නියෝජනය කරමින් ආචාර්ය අනිල් ජයන්ත මෙම වැඩසටහන සඳහා සහභාගි වුණා. තම පාර්ශ්වයේ විදෙස් ප‍්‍රතිපත්තිය පිළිබඳවද ඔහු පැහැදිලි කළා.

එහිදී සඳහන් කළේ සිය පක්ෂයේ මතය විදෙස් රටවල් සමග ගනුදෙනු කිරීම නතර කිරීම නොව පක්ෂපාතීවීම සහ අනවශ්‍ය ලෙස කොන්දේසි යටතේ ගිවිසුම්වලට යටත්වීම  වෙනුවට සිය ප්‍රතිපත්ති යටතේ බුද්ධි මණ්ඩලයක් පිහිටුවා ලෝක සම්මත මූලධර්ම සහ වෙළඳපොල මූලධර්ම යන කාරණා සැලකිල්ලට භාජනය කරමින් කටයුතු කරන බවයි.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.