Friday, April 19, 2024

General line - 0115112241

සියෝන් බෝම්බකරුගේ සිරුර මිහිදන් කිරිමේ සිද්ධියක් මත මඩකලපුව නොසන්සුන් : විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




විරෝධතාවයක් හේතුවෙන් මඩකළපු නගර මධ්‍යයේ අද (27)පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා.

ඒ ඉකුත් අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් ක්‍රිස්තියානි දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් බෝම්බකරුගේ ශරීර කොටස් ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධයේ නිරතවුවා.

විරෝධතාකරුවන් කොළඹ-මඩකළපුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සා දමමින් විරෝධය නිරතවි තිබෙනවා.

මඩකලපුව සියෝන් ක්‍රිස්තියානි දේවස්ථානයට පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ සිරුරු කොටස් ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි.

ඇතිවු උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරිමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබු අතර ඉන් පසුව විරෝධතාකරුවන් ඉවත්ව ගොස් තිබෙනවා.

මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොදවා තිබෙනවා.