Thursday, March 28, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය අනවශ්‍ය ලෙස භාවිතය මානසික හා කායික ව්‍යාකූලතා වලට හේතුවක්




සමාජ මාධ්‍ය අනවශ්‍ය තරම් වැඩි කාලයක් භාවිත කිරීම හේතුවෙන් මානසික සහ කායික ව්‍යාකූලතා ඇතිවිය හැකි බව ළමා සහ නව යොවුන් විය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය උදේන ආටිගල පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට සහභාගී වෙමින්.  

සාහිත්‍යධරයෙකු සහ විචාරකයෙකු ද වන කුමාර ලියනගේ ද මෙම වැඩසටහන සහභාගී වුණා. ඔහු පැවසුවේ ඍණාත්මක මනෝභාවයන් හෝ සමාජ තත්ත්වයන් වෙනස් කිරීමේ හැකියාවක් කලාවට තිබෙන බවයි. 

ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.