Friday, March 29, 2024

General line - 0115112241

රයිනෝ අංශ 04ක් යටතේ නව වැඩසටහනක් දියත් කරයි

සිතාරා අතුකෝරළ




රයිනෝ සමූහ ව්‍යාපාරය මගින් නව තිරසාරත්ව වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙනවා.

එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.

එහිදී අදහස් දැක්වූ රයිනෝ සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන මූල්‍ය විධායක නිලධාරී ඉන්දික රාජපක්‍ෂ පැවසුවේ වනාන්තර නැවත වගා කිරීම, කසළ කළමණාකරණය, හරිත බලශක්ති විසදුම් හඳුන්වා දීම සහ ජලඡ ජීවීන් සංරක්ෂණය යන ව්‍යාපෘති 04 ක් ඔස්සේ එම වැඩසටහන කි‍්‍රයාත්මක වන බවයි.