Thursday, April 25, 2024

General line - 0115112241

මුහුදේ ගිලෙමින් සිටි තිදෙනෙක් නාවික හමුදාව බේරා ගැනේ (PHOTOS)




නාවික හමුදාව විසින් හික්කඩුව හා සීනිගම අතර මුහුදු ප්‍රදේශයේ දී අද (30) දින අනතුරට ලක් වු ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව දකුණු නාවික විධානය වෙත හික්කඩුව පොලිස් ස්ථානය මගින් කල දැනුම් දීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට අනියුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමක් හික්කඩුව ප්‍රදේශයට පිටත් කර හැර තිබෙනවා.

එහිදී මුහුදේ රළු ස්වභාවය හමුවේ වුවද අනතුරට ලක්ව තිබු ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට ජීවිතාරක්ෂක කණ්ඩායම සමත්ව ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.