Friday, April 26, 2024

General line - 0115112241

අඩුවක්ව තිබු දෙයක් සම්පුර්ණ කරමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධුරයට සමුදෙයි (PHOTOS)




ජාතික තරුණ සේවා සභාවේ වසර හතරක කාලයක් සභාපති හා අධ්‍යක්ෂක ජනරාල් ධුරය දැරූ නීතිඥ එරන්ද වැලිඅංගේ අද (31) දින සිය ධුරයෙන් සමුගනු ලැබුවා.

එම අවස්ථාවේදී මේ වන විට වැඩ නිම කරම්න් පසුවන ජාතික තරුණ සේවා සභා නව පිහිණුම් තටාකයේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට පෙර එහි නීතිඥ එරන්ද වැලිඅංගේ කටයුතු කරනු ලැබුවා.

ජාතික තරුණ සේවා සභාව ආරම්භ කර වසර 50 ක් සපිරෙන මොහොතේදී ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ මහගෙදරට අඩුපාඩුවක්ව පැවැති මෙම නව පිහිණුම් තටාකය රටේ සමස්ථ තාරුණ්‍ය වෙත තිලිණ කර ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂක ජනරාල් ධූරයෙන් සමුගෙන යාමට හැකිවීම ගැන ඇත්තේ ඉමහත් සතුටක් මෙන්ම අභිමානයක් බවයි මේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.