Friday, April 19, 2024

General line - 0115112241

SLT‘ආයතනික සමාජ වගකීම්’ නායකත්වය සම්මානය දිනයි




ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ඩිජිටල් විසඳුම් සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ප‍්‍රජා සංවර්ධන වෙනුවෙන් සිදුකළ මෙහෙවර ඇගයීමක් වශයෙන් ‘ශ්‍රී ලංකා විශිෂ්ටතම සේවායෝජක සන්නාම 2019’ උළලේදී සම්මානයට පාත‍්‍ර වුණා. 

එම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්වුණා. 

මෙම ‘විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මාන උළෙල’ මඟින් ප‍්‍රජාව, පරිසරය සහ පුද්ගලයන්ට ගරු කරමින් සිය වටපිටාවේ සිටින පුද්ගලයන්ගේ ජීවිතවලට සුවිශේෂී හා ධනාත්මක බලපෑමක් ඇතිකරන්නා වූ ආයතනික සමාජ වගකීම් වැඩසටහන්වල නිරත වන ආයතන සහ තනි පුද්ගලයන් ඇගයීම සිදුකරයි. 

මෙම සම්මානය සමාජ, ආර්ථික සහ පාරිසරික යන ත්‍රිත්ව සංකල්පයන් හා බැඳුනු ආයතනික සමාජ වගකීම් මූලාරම්භයන් හා පෙළගැසී ඇති ශ්‍රී ලංකා ටෙලිකොම්හි දිගුකාලීන ප‍්‍රජා සංවර්ධනයට සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනඟාගෙන තිබෙන බවට සාක්ෂි දරයි. 

මෙහිදී සමාජයේ දියුණුව උදෙසා දායකත්වය සපයමින් ආරම්භ කළ ආයතනික සමාජීය වගකීම් ව්‍යාපෘතිය වූ ‘පාසල් 160ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන’ ප‍්‍රධාන වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා. 

නවීණ තාක්ෂණය සමඟ අත්වැල් බැඳගනිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පාසල් තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණ යටිතළ පහසුකම් ස්ථාපිත කිරීමේදී මෙම ව්‍යාපෘතිය ඉවහල් වී තිබුණා. එය යටතේ පිරිනැමුණු පහසුකම් අතරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතළ පහසුකම් ලෙස නොමිලේ පිරිනැමෙන LTE හෝ ADSL(රැහැන්) අන්තර්ජාල පද්ධතියක්, මාස 12ක් සඳහා මාසික ගාස්තු රහිත Web Family Plus පැකේජයක් සහ නොමිලේ Wi-Fi රවුටරයක් ඇතුළත්. 

මීට අමතරව එම සෑම පාසලකම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අනුකූළ වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දේශනද පැවැතවෙයි. 

‘ශ්‍රී ලංකා විශිෂ්ඨතම සේවායෝජක සන්නාම සම්මාන’හි අරමුණ වනුයේ දිවයින පුරා විහිදී ඇති ඉහළ තේරීමක් සහිත සේවායෝජයකු වීම සඳහා ආයතනික සන්නාමයක් ගොඩනඟමින් විශිෂ්ටත්වය නිරූපනය කරන ආයතන පිළිගැනීමට ලක්කිරීම වන අතරම ‘ශ‍්‍රී ලංකා ආයතනික සමාජීය වගකීම් නායකත්ව සම්මාන’ මඟින් සිය වටපිටාවේ සිටින පුද්ගලයන්ගේ ජීවිතවලට සුවිශේෂී හා ධනාත්මක බලපෑමක් ඇතිකරන්නා වූ ආයතනික සංවිධාන සඳහා ඉහළම පිළිගැනීමක්  සිදුකරයිි.

 

(ඡායාරූපයේ - ශ්‍රී ලංකා ටෙලිකොම්හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන නිලන්ති ජයකොඩි සහ අසිත ජයසේකර, විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ අතින් සම්මානය ලබාගත් අයුරු.)