Thursday, April 25, 2024

General line - 0115112241

ළමයින්ගේ පෞර්ෂය සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයකට පත්ව ඇතැයි වෛද්‍යවරුන් සහ මනෝ උපදේශකයින් කියයි



ළමයින්ගේ පෞර්ෂය තවදුරටත් සංවර්ධනය කිරීම මේ වනවිට අත්‍යවශ්‍ය තත්ත්වයකට පත්ව ඇතැයි වෛද්‍යවරුන් සහ මනෝ උපදේශකයින් පවසනවා. වතුපිටිවල සහ මහරගම අපේක්‍ෂා යන රෝහල්වල විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්පකුමාර කදපොලආරච්චිගේ ප‍්‍රකාශ කළේ තරගකාරී අධ්‍යාපන රටාවෙන්ද දරුවාගේ යහපත් ආකල්ප බිද වැටෙන බවයි. 

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (03) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට සහභාගී වෙමින්. මෙම වැඩසටහනට නායකත්ව පුහුණු සහ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශකවරයෙකු වන උදයා දේවමුල්ලද සහභාගි වුණා. 

ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.