Friday, April 26, 2024

General line - 0115112241

SLT රුපියල් බිලියන 42.6ක ආදායමක් සමඟින් 42%ක මෙහෙයුම් ලාභ වර්ධනයක් වාර්තා කරයි




ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2019 පළමු භාගය සඳහා සිය මූල්‍යමය ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කළ අතර එහි පසුගිය වසරට සාපේක්ෂව 42%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 4.5 දක්වා ළඟා කර ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම වර්ධිත ප‍්‍රගතියට මනා පිරිවැය කළමනාකාරිත්වය සහ පසුගිය වසරට වඩා 7.9%ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 42.6ක ආදායම හේතු පාදක වූ බවයි සමාගම පවසන්නේ. 

සිය මූලික නිෂ්පාදන වන ජංගම දුරකථන බ්‍රෝඞ්බෑන්ඞ් සේවා, Career Domestic, Career
Global, Enterprise Business Solutions PEO TV සේවා,  National Backbone සේවා සහ ඩිජිටල් සේවාවන්හි කැපී පෙනෙන දායකත්වය ආදායමේ වර්ධනයට දායක වී තිබෙනවා.

සිය ජංගම දුරකථන හස්තය වන මොබිටෙල් (පෞද්ගලික) සමාගම ඇතුළු අනුබද්ධිත සමාගම් නවයක් සමූහයට අයත්. පසුගිය වසරට සාපේක්ෂව දළ ලාභය 13%කින් වර්ධනය වී රුපියල් බිලියන 18.8ක් ලෙස වාර්තා වී ඇති බවයි පෙන්වා දෙන්නේ.

 

P.G කුමාරසිරි සිරිසේන - (ශ්‍රී ලංකා ටෙලිකොම්) සභාපති.
 
ප්‍රියන්ත ෆර්නැන්ඩස් - (ශ්‍රී ලංකා ටෙලිකොම්) ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී.
 
කිත්ති පෙරේරා - (ශ්‍රී ලංකා ටෙලිකොම්) ප‍්‍රධාන විධායක නිළධාරී.
 
 
නලින් පෙරේරා - (මොබිටෙල්) ප්‍රධාන විධායක නිලධාරී.