Wednesday, April 24, 2024

General line - 0115112241

ගිලිහී ගිය බලාපොරොත්තු යළි කැන්දමින් මාලිංග පිට පිටම කඩුලු 04ක් දවා ගනී




සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන 3 වන හා අවසන් විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේ දී ලසිත් මාලිංග කඩුළු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒත් සමගින් ලසිත් මාලිංග පිට පිටම පන්දු 04කදී කඩුලු 04ක් දවා ගැනීමටද සමත් වුණා.

ලකුණු 126ක ඉලක්කයක් හඹායන නවසීලන්ත කණ්ඩායම මේ වන විට කඩුලු 04ක් දැවී ලකුණු 22ක් ලබා සිටිනවා.

මේ අතර මේ වන විට විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමු පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්වී තිබෙනවා.