Wednesday, April 24, 2024

General line - 0115112241

"තවත් එක ඇචීව්මන්ට් එකක් විතරයි, මේක මගේ අන්තිම කාලේ, පොඩි ක්‍රීඩකයන් දෙයක් ඉගෙන ගත්තා නම් සතුටුයි" ලෝක වාර්තාවෙන් පසු මාලිංග කියූ කතාව

සමන්ත කුමාර/ කසුන් කැලුම්




ලසිත් මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති 3 වන සහ අවසන් 20 යි 20  කි‍්‍රකට් තරගය ලකුණු 37 කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 8 ක් දැවී රැස් කළේ ලකුණු 125 ක් පමණයි. 

ධනුෂ්ක ගුණතිලක පන්දු 25 කදී ලකුණු 30 ක් රැස් කළා. පිළිතුරු  ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායමේ සියළුම පිතිකරුවන් පන්දුවාර 16 කදී ලකුණු 88 කට දවා ගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග නවසීලන්ත කණ්ඩායමේ කඩුළු 5 ක් දවා ගත්තේ සිය පන්දුවාර හතරේදී ලකුණු 6 ක් පමණක් ලබාදෙමින්. 

සිය දෙවන පන්දු වාරයේ අවසන් පන්දු හතරේදී පිට පිට කඩුළු 4 ක් බිද හෙළීමට ලසිත් මාලිංග සමත් වුණේ ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී එවැනි දස්කමක් අවස්ථා දෙකකදි දැක්වූ පළමු කී‍්‍රඩකයා ලෙස ඉතිහාසයට එක්වෙමින්. කොලිං මුන්රෝ, හමීෂ් රදර්ෆෝඞ්, කොලිං ග‍්‍රෑන්ඞ්හෝම් සහ රොස් ටේලර් මාලිංග යොමුකළ පන්දු 4 ක් හමුවේ පිට පිටම දැවී ගියා. 

ඒ අනුව මෙම තරගයේදී ලසිත් මාලිංග වාර්තා කළේ විස්සයි විස්ස පිටියේදී ලබාගත් 2 වන කඩුළු ති‍්‍රත්වයයි. එක්දින පිටියේදීද කඩුළු ති‍්‍රත්ව 3 ක් වාර්තා කිරීමට මාලිංග සමත් වුණා. ඒ අනුව ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී වැඩිම කඩුළු ති‍්‍රත්ව ප‍්‍රමාණයක් වාර්තා කළ පන්දු යවන්නා ලෙසද ලසිංත් මාලිංග ඉතිහාසයට එක්වනවා.

තරගයෙන් අනතුරුව ලසිත් මාලිංග මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.