Saturday, April 20, 2024

General line - 0115112241

විස්සයි විස්සෙන් වැඩ දැමූ මාලිංග ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

කසුන් කැලුම්




පන්දුවාර 20 පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 20 කින් ඉදිරියට පැමිණීමට ලසිත් මාලිංග සමත්ව තිබෙනවා. ඒ, සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති තුන්වන විස්සයි විස්ස තරඟයේදී ප්‍රදර්ශනය කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන්.

ඒ අනුව මේ වනවිට ලසිත් මාලිංග පන්දුවාර 20 පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 21 වන ස්ථානයේයි. ඔහු ඒ තරඟයේදී ලකුණු 06 කට කඩුලු 05 ක් බිඳ හෙලුවා. මාලිංග මෙම තරඟයේදී පිට පිට කඩුලු 04 ක් දවා ගැනීම ද විශේෂත්වයක්. පන්දුවාර 20 පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවන්නේ ඇෆ්ගනිස්ථායේ රෂීඞ් ඛාන්.