Friday, March 29, 2024

General line - 0115112241

තවත් තරගයක් ඉතිරිව තිබියදී 'අළුබඳුන කි‍්‍රකට් ශූරතාව' ඕස්ට්‍රේලියාව සතුකර ගනී

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අළුබඳුන කි‍්‍රකට් ශූරතාවය, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.

ඒ, එංගලන්තය සමග පැවැති සිව්වන ටෙස්ට් තරගය ලකුණු 185 කින් ජය ගනිමින්. මෙවර අළුබඳුන තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ එංගලන්තයයි. ඒ අනුව එංගලන්තයේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් අළුබඳුන කි‍්‍රකට් ශූරතාවයක් දිනා ගත්තේ වසර 18 කට පසුව පළමුවරට වීම ද විශේෂත්වයක්. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියාව කඩුළු 8 කට ලකුණු 497 ක් රැස් කර ගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටවු අතර දෙවෙනි ඉනිම කඩුළු 06 කට ලකුණු 186 ක්ව තිබියදී අත්හිටුවීමටයි තීරණය කළේ.

එංගලන්තයේ පළමු ඉනිම ලකුණු 301 කට සීමා වුණා. තරගය ජය ගැනීමට ඔවුන්ට හිමිවූ ඉලක්කය ලකුණු 383 ක්. එහෙත්, එංගලන්තයට සියලූ දෙනා දැවි රැස් කර ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි. 

පළමු ඉනිමේදී ලකුණු 211 ක් සහ දෙවෙනි ඉනිමේදී ලකුණු 82 ක් රැස්කළ ඕස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.