Wednesday, April 24, 2024

General line - 0115112241

සුළි කුණාටුවක් ජපානයේ ජන ජීවිතය අඩාල කරයි (VIDEO)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




‘‘ෆැක්සෙයි’’ නම් ප‍්‍රබල සුළි කුණාටුවකින් ජපානයේ ජන ජීවිතයට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ පැයට කිලෝ මීටර් 210 ක පමණ වේගවත් වූ සුළං ධාරා සහ දැඩි වර්ෂාවක් ද සමගින් ෆැක්සෙයි, ටෝකියෝ අගනුවරින් රට තුළට ඇතුළු වන බවයි. 

ආපදාවට ලක්වෙතැයි අපේක්ෂිත ප‍්‍රදේශවල වෙසෙන වැසියන් 390,000 කට පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසට බලධාරීන් පූර්ව දැනුවත් කිරීම ද සිදුකර තිබෙනවා.

ප‍්‍රබල සුළං ප‍්‍රවාහයන් සහ දැඩි වර්ෂාපතනය හේතුවෙන් ටෝකියේ අගනුවර හරහා සිදුකෙරෙන දුම්රිය ගමන්වාර 100 ක් පමණ ද අත්හිටවනු ලැබුවා. එසේම සියයකට අධික ගුවන් ගමන් වාර ප‍්‍රමාණයක් ද අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ෆැක්සෙයි සුළි කුණාටුව සමගින් රටතුළට කඩාවදින සුළං ප‍්‍රවාහයන් හේතුවෙන් විදුලි රැහැන්වලට මේ වනවිටත් හානි සිදුව ඇතැයි සඳහන්. ඉන් අගනුවර හා ඒ ආසන්නයේ වෙසෙන 290,000 ක පමණ පිරිසකගේ විදුලි සැපයුමද බිඳ වැටී තිබෙනවා. 

මේ අතර උතුරු කොරියාවට ඊයේ (08) බලපෑ තවත් ප‍්‍රබල සුළි කුණාටුවකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.