Tuesday, March 19, 2024

General line - 0115112241

මඩේ එරී දිය යටට යමින් සිටි පවුලක් බේරා ගත් සෙබළුන් දෙදෙනා හිතට දැනුනු දේ පැහැදිළි කරයි (PHOTOS)




කෙනෙකුගේ ජීවිතය රැකගැනීම වෙනුවෙන් තමාගේ ජීවිතය පරදුවට තැබීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි. එවන් වික‍්‍රමාන්විත මෙහෙවරක් ඉටුකර තවත් අයෙකුට ජීවිතයේ සැබෑ සතුට ගෙන ආ පුවතක් කිලිනොච්චිය, පුනරීන් ප‍්‍රදේශයෙන් ඉකුත් සති අන්තයෙන් වාර්තා වුණා.

අරසපුරකුලම් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ රොන්මඩ සහිත දියවළක ගිලෙමින් සිටි එකම පවුලේ පිරිසක් තම දිවි දෙවැනි කොට මෙලෙස බේරාගත්තේ කිලිනොච්චිය ආරක්ෂක සේනාවට අයත් 05 වන යාන්ත‍්‍රික පාබල රෙජිමේන්තුවේ හමුදා සෙබළුන් දෙදෙනෙක්. දරුවන් දෙදෙනෙකු, බිරිඳ සහ සැමියෙකු මෙලෙස රොන්මඩෙහි එරී ඇති අතර ඔවුන් බේරා දෙන ලෙස පවුලේ බාල දරුවා කෑගසන හඬ ඇසී එම ස්ථානයට ළඟා වූ රණවිරුවන් මෙම මෙහෙයුම ආරම්භ කළේ දැඩි පරිශ‍්‍රමයක් යොදමින්.

ලාන්ස් කෝප‍්‍රල් ජේ. පී. ආරියරත්න ඒ පිළිබඳව නෙත් නිවුස් වෙත පැහැදිළි කරමින් සඳහන් කළේ මඩේ එරෙමින් සිටි පිරිස පිටතට නොපෙනුනු නිසා ඔවුන් සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වූ බවයි.


මෙම මෙහෙයුම සඳහා ලාන්ස් කෝප‍්‍රල් ජී. එස්. අමරසිරි ද, ලාන්ස් කෝප‍්‍රල් ජේ. පී. ආරියරත්න හා එක්ව තිබුණා. මෙම දුෂ්කර මෙහෙයුමෙන් පසු ජීවිතයේ සතුට විඳි එම පවුල දැකීමෙන් තමන්ට ද අතිශය සතුටක් ලැබුණු බව ලාන්ස් කෝප‍්‍රල් ජේ. පී. ආරියරත්න නෙත් නිවුස් වෙත කියා සිටියා.