Thursday, March 28, 2024

General line - 0115112241

රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම පිටුපස ඇති අරගලය හිටපු ජනමාධ්‍ය ඇමතිවරයෙකු හෙළි කරයි

සජිත් තිලකරත්න




එක්සත් ජාතික පක්‍ෂය සහ ජනාධිපතිවරයා අතර පවතින බල අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව, ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මෙතෙක් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පැවතියේ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යටතේයි. රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා යටතට පැවරීමට පෙර ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යටතේ පැවතියා.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශයට පවරා ගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඊයේ (09) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ශි‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයේ ඉනෝකා සත්‍යාංගනී කටයුතු කරමින් සිටියදී ඊට නව සභාපතිවරයෙකු පත් කිරීමත් සමග එහි අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක් හටගත් බවද වාර්තා වනවා. 

ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස අදහස් පළ කළා. 

එක්සත් ජාතික පක්‍ෂය සහ ජනාධිපතිවරයා අතර පවතින බල අරගලය නිමා කිරීමට ඉදිරි ජනාධිපතිවරණය කදිම අවස්ථාවක් බවයි කෙහෙළිය රඹුක්වැල්ල මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.