Thursday, April 25, 2024

General line - 0115112241

බස් සේවකයන්ට යුතුකම් නෑ – වර්ජනය ස්ථිරයි




පෞද්ගලික බස් සංගම් කිහිපයක් ලබන සඳුදා (04) කැඳවා ඇති වැඩවර්ජනයට තමන් එක් නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සහ සේවකයින්ගේ එකමුතුව පවසනවා.

 

එහි සභාපති පොල්වත්තගේ දයානන්ද පෙරේරා මහතා පැවසුවේ බස් ගාස්තු වැඩි කරන්නැයි ඉල්ලා කැඳවා ඇති මෙම වැඩවර්ජනය අසාධාරණ එකක් බවයි.

 
වැඩවර්ජන කැඳවීමට වඩා බස් සේවකයින් වෙනුවෙන් බස් සංගම් විසින් ඉටුකළ යුතු වෙනත් යුතුකම් තිබෙන බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සහ සේවකයින්ගේ එකමුතුව පෙන්වා දෙන්නේ.

 

වැඩවර්ජන කැඳවන බස් සංගම් සමග බස් සේවකයින් නොමැති බවද එහි සභාපති පොල්වත්තගේ දයානන්ද පෙරේරා මහතා කියා සිටියා.

 

මේ අතර ජාතික බස් ගාස්තු ප‍්‍රතිපත්තිය සුදුසු පරිදි සංශෝධනය කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් දා අනුමැතිය ලබාදුන්නා. ඒ, ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ යෝජනාවක් අනුවයි.