Friday, April 19, 2024

General line - 0115112241

හොංකොං නායිකාවගෙන් අමෙරිකාවට අනතුරු ඇගවීමක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය රටේ අභ්‍යන්තර අර්බුද සඳහා අතපෙවීමෙන් වළකින්නැයි හොංකොං නායිකා කැරී ලෑම්, අමෙරිකාව ප්‍රමුඛ විදෙස් රටවලට අනතුරු ඇගවීමක් සිදු කරනවා. අමෙරිකාව හෝ වෙනත් විදෙස් රටක් සිදුකරන එවැනි අතපෙවීම් කිසිසේත් පිළිගත නොහැකි බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

එසේම විදෙස් රටවල පාර්ලිමේන්තු තුළ නීතිසම්පාදය කිරීම තුළින් සිය රටේ අභ්‍යන්තර ගැටළුවක් සඳහා මැදිහත්වීම හොංකොං රජය කිසිසේත් අනුමත නොකරන බවද කැරී ලෑම් වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඇය මේ බව පැවසුවේ රජයට එරෙහිව අඛණ්ඩව සතිඅන්ත විරෝධතා පවත්වන විරෝධතාකරුවන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් සහය අපේක්ෂා කිරීමත් සමගයි.