Tuesday, March 19, 2024

General line - 0115112241

අසිරිමත් සත්බුදු වන්දනා පින්කමක් අමෙරිකාවේදී සිදු වෙයි (PHOTOS)

හේමන්ත කහවලගේ




අමෙරිකා එක්සත් ජනපදයේ ඩිට්රොයිට්හි මිචිගන් ප්‍රාන්තයේ ග්‍රේට්ලේක්ස් බෞද්ධ විහාරය හා භාවනා මධස්ථානයේදී පසුගියදා අසිරිමත් සත්බුදු වන්දනා මහා පින්කමක් සංවිධානය කර තිබුණා.

චිත්ත භාවනා උපදේශක, පූජ්‍ය යටිනුවර සංකිච්ච ස්වාමීන් වහන්සේගේ හා විහාරයේ වැඩසිටින අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වෙන්ස්ටේට් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන සිසු-සිසුවියන් හා ශ්‍රී ලාංකේය තරුණ පිරිස ඇතුලු විහාරස්ථ දායක-දායිකාවන් බොහෝ පිරිසක් මෙම පින්කම සඳහා පැමිණ සිටියා.

ගුණ-නැණ පිරි දැහැමි ලොවකට පා තබන්නට වෙර දරන ශ්‍රී ලාංකේය තරුණ බොදු පිරිසට හා සුචරිතවාදී යහපත් සමාජයක් අපේක්ෂාවෙන්  කටයුතු කරන ශ්‍රී ලාංකික පින්වත් සැමට ආශීර්වාද කිරීම මෙම පින්කමේ අරමුණ වී තිබුණා.

මෙම පින්කමේ ආගමික කටයුතු මෙහෙයවනු ලැබූයේ පූජ්‍ය අලුපොත ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින්.