Friday, April 19, 2024

General line - 0115112241

ට්‍රම්ප් සිය ජාතික ආරක්ෂක උපදේශකව තනතුරෙන් පහකරයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් එම තනතුරෙන් පහ කර තිබෙනවා.

ඒ, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින්.

සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පැවසුවේ සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි තමන් ජෝන් බෝල්ටන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට භාර දුන් බවත්, ඉදිරි සතියේදී නව ජාතික ආරක්ෂක උපදේශකවරයෙකු පත් කරන බවත් ජනාධිපතිවරයාගේ ටිව්ටර් පණිවිඩයේ සඳහන්.

ජෝන් බෝල්ටන්ගේ කි‍්‍රයාකලාපය සමග තමන් කිසිසේත් එකග නොවන බැවින් මෙම තීරණයට එළඹි බවයි ජනාධිපති ට‍්‍රම්ප් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 

ඉරාන අර්බුදය, ඇෆ්ගනිස්තානයේ සිදුවන මෙහෙයුම් මෙන්ම අනෙකුත් ගෝලීය අභියෝග සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අතර ඉකුත් සමයේ දැඩි මතභේදාත්මක තත්ත්වයන් හට ගත්තා.