Thursday, March 28, 2024

General line - 0115112241

ලොවක් පුදුම කල බෝම්බ ප්‍රහාර මාලාවේ සුලමුල හෙලිවේ (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඉරාකයේ බෑග්ඩෑග් නගරයට උතුරෙන් පිහිටි කානාස් දුපතේ රැදි සිටින ඉස්ලාමිය අන්තවාදී සටන්කරුවන් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා විසින් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් F-15 සහ F-35 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා විසින් කානාස් දුපතේ ටිග්‍රිස් ගංගාව ආසන්නයේ පිහිටි IS සටන්කාමින් ඉලක්ක කර ගනිමින්  කිලෝග්‍රෑම් 36,000ක (ටොන් 40කට ආසන්න) බරින් යුත් බෝම්බ හෙලා ඇත.

අමෙරිකාව විසින් එල්ල කරනු ලැබු මෙම බෝම්බ ප්‍රහාරයත් සමග නැගුනු ධුමාරය ඉතා ඈතට දිස්වු බවයි වාර්තා වන්නේ.

මෙම බෝම්බ ප්‍රහාර මාලාවේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විමත් සමග ඒ පිළිබද දැඩි කතාබහක් ඇතිවු අතර පසුව අමෙරිකානු හමුදාව විසින් තමන් සිදුකල මෙහෙයුම සම්බන්ධයෙන් නිල වශයෙන් කරුණු හෙලිදරව් කරුණු ලැබුවා.

මෙලෙස හෙලන ලද බෝම්බ ලේසර් තාක්ෂණයෙන් හසුරුවනු ලබන බෝම්බ වන අතර මෙම ප්‍රහාරයේ මුලික අරමුණවි ඇත්තේ කානාස් දුපතේ සැගවි සිටින IS ත්‍රස්තයින් සහ ඔවුන්ගේ ආරක්ෂිත නිවාස සහමුලින්ම විනාශ කිරිම බවයි අමෙරිකාව පවසන්නේ.

මෙම ප්‍රහාරය අමෙරිකාව සහ ඉරාක ඒකාබද්ධ මෙහෙයුමක් වන අතර ඉරාකයේ ආරක්ෂාවට තර්ජණයක්ව පවතින IS සටන්කාමින් සැගවි සිටින ඉලක්ක සොයා ගොස් ඒවා විනාශ කිරිම මෙම මෙහෙයුමේ මුලික අරමුණවි තිබෙනවා.

ගතවු මාස කිහිපය තුල මෙම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය විසින් IS ක්‍රියාකාරින් සහ ඔවුන්ගේ ආරක්ෂිත නිවෙස්, ආයුධ ගබඩා මෙන්ම උමං මාර්ග රැසක් විනාශ කිරිමට සමත්ව තිබෙනවා.