Tuesday, April 23, 2024

General line - 0115112241

පකිස්තානයට නොයන ක්‍රිඩකයින්ට එරෙහිව පැතිරි යන චෝදනාවලට ඇමති හරීන් ගෙන් පිලිතුරක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




එලැඹෙන පාකිස්තාන සංචාරය සදහා ඇතැම් ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් සහභාගි නොවිමට හේතුව ඉන්දීයාවෙන් එල්ලවු බලපෑම් නිසා බවට පැතිරි යන චෝදනාවන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කලේ 2009 වර්ෂයේදී පකිස්තානයේදි මුහුණ දිමට සිදුවු අත්දැකිම හේතුවෙන් ක්‍රිඩකයින් මෙම තිරණය ගෙන ඇති බවයි.

එලෙස ඉවත්වන ක්‍රිඩකයින්ගේ තීරණයන්ට ගරු කරමින් පකිස්තානයේ සංචාරය කිරිමට කැමති ක්‍රිඩකයින් ඒ සදහා එක් කර ගන්නා බව ක්‍රිඩා අමාත්‍යවරයා සදහන් කර සිටියා.

එමෙන්ම පකිස්තාන කණ්ඩායම ඔවුන්ගේ රටේදිම පරාජයට පත් කිරිම සදහා හොද ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරන බවයි ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සදහන් කලේ.

පකිස්තාන තරග සංචාරය සදහා තමන් එක් නොවන බවට දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අකිල ධනංජය සහ තිසර පෙරේරා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දෙනු ලැබුවා.

මේ අතර ශ්‍රි ලංකාවේ ප්‍රබල ක්‍රිඩකයින් පකිස්තානයේ සංචාරය කිරිමට නොඑන්නේ ඉන්දියාවෙන් එල්ල කල බලපෑම් හේතුවෙන් බව එරට අමාත්‍යවරයෙක් වන ෆාවාඩ් හුසේන් සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කර සිටිනවා.

ශ්‍රි ලංකා ක්‍රිඩකයින් පකිස්තානයේ සංචාරය කල හොත් ඔවුන්ව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් කරන බවට තර්ජණය කර ඇති බවට තමන්ට විශ්වාසදායක තොරතුරු ලැබි ඇති බව එම පකිස්තාන අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සදහන් කර සිටිනවා.