Thursday, March 28, 2024

General line - 0115112241

කලාකරුවන්ට මාසිකව රුපියල් 5000 ක දීමනාවක්




වයස අවුරුදු 60 ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මාසයකට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ ප්‍රකාශ කළා.

එම වැඩසටහනින් පළමු අදියර ලෙස ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 200 දෙනෙකුට පළමුව එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසුවා.

රජය විසින් කලාකරුවන් සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 94 ක මුදලින් ලැබෙන පොළිය මත එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසුවා.

සංස්කෘතික අමාත්‍යාංශය සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් මෙම වැඩසටහන සිදු කරන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් එය මෙහෙයවනු ලබයි.

එක්සත් ජාතික කලා සංසදය, ගායක ගායිකා සංගමය, ජාතික කලා සංසදය, මොරටුව කලා එකමුතුව ඇතුළු කලා සංගම් කිහිපයක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී  පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියා.