Thursday, April 25, 2024

General line - 0115112241

ජනාධිපති කොමිසමට අගමැති හෙට නොයයි

දිනුක් හේවාවිතාරණ




ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තමන්ට හෙට (12) දිනයේ පෙනී සිටීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

කෘෂීකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක බදු ගිවිසුම සම්බන්ධයෙන් සාක්ෂී ලබා ගැනිම සදහා පැමිණෙන ලෙස දන්වමින් පසුගිය සිව් වසර තුල රජයේ ආයතනවල සිදුවු දුෂණ සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම විසින් සිතාසි නිකුත් කරනු ලැබුවා.

හෙට දිනයේදි මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයකට අගමැතිවරයා සහභාගී වීමට නියමිතව ඇති බැවින් හෙට ජනාධිපති කොමිසමට පැමිණිමට අගමැතිවරයාට නොහැකි බව දන්වා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක විසින් ජනාධිපති විමර්ශන කොමිසමට ලිපියකින් දැනුම් දී ඇත.

මේ හේතුවෙන් අගමැතිවරයාට ලබන 16 වනදා උදෑසන 9.30 ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි සිතාසි නිකුත් කිරිමට ජනාධිපති විමර්ශන කමිටුව පියවර ගෙන ඇත.