Friday, April 19, 2024

General line - 0115112241

"සහෝදරයින් ලෙස එක්වනවාද? මෝඩයින් සේ විනාශවනවාද?" තීරණය කලයුතු බව සජිත් කියයි

සිතාරා අතුකෝරළ




සහෝදරයින් ලෙස එකට එක්වනවාද, නැතිනම් මෝඩයින් සේ එක්ව විනාශ වනවාදැයි දැන් තීරණය කළ යුතු බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ඔහු කියා සිටියේ රට ශක්තිමත්වීමට නම් රටේ එකමුතුභාවය අත්‍යවශ්‍ය බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හිටපු කථානායකවරයෙකු සහ අමාත්‍යවරයෙකු වු එම්. ඒ. බාකීර් මාකර් මහතාගේ ගුණසමරු උළලේ ප‍්‍රධාන දේශනය පවත්වමින්. 

ජනතාවගේ ප‍්‍රසාදය දිනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

එම්. ඒ. බාකීර් මාකර් මහතාගේ 22 වන ගුණ සමරු උළෙල ඊයේ (10) පැවැත්වුණේ කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදීයි.