Wednesday, January 29, 2020
Hotline - 0770586666

විදෙස් සංචාරකයින්ට අවස්ථා 840කදී වැට් බදු ආපසු ගෙවයි

ලහිරු කපුගේ

1377Views




 

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට අවස්ථා 840 කදී වැට් බදු ආපසු ගෙවීම් සිදු කර ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසනවා. 

බදු පරිපාලන අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ප‍්‍රකාශ කළේ මෙම ක‍්‍රමවේදය හරහා ශ‍්‍රී ලංකාවට වාසි රැසක් දැනටමත් අත්වී තිබෙන බවයි. 

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට වැට් බදු ආපසු ගෙවීමේ විශේෂ කවුළුවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ විවෘත කර අදට (11) වසරක් සපිරෙනවා.

ඉකුත් වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා එම කවුළුව විවෘත කෙරුණා.